තමා මෑත දිනෙක තමාටම බැණ ගත්ත ද එහි කිසිදු වරදක් තමා නොදකින බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.
ඔක්තෝබර 12 වනදා කොළඹදී පැවති උත්සවයකදී ඔහු මෙසේ තමාටම බැණ ගත්තේය.
"මම ආරක්ෂක ඇමතිවරයාට ජනාධිපතිවරයා වශයෙන් මගේ දැඩි පිළිකුළ, ඒ වගේම අප්‍රසාදය ප්‍රකාශ කර සිටිනවා" ඔහු කියා සිටියේය.
ප්රශ්නය මතු වූයේ ඔහු රටේ ජනාධිපතිවරයා පමණක් නොව ආරක්ෂක ඇමතිවරයා ද වන බව මාධ්‍ය විසින් හෙළි කිරීමත් සමඟය.
නමුත් සිරිසේන මහතා ප්‍රකාශ කළේ තමන් ආරක්ෂක ඇමතිවරයා බව තමන්ට අමතක නොවූ බවය.
"සමහරු කියනවා මට අමතක වුනා ලු මම ආරක්ෂක ඇමති කියල. එහෙම එකක් වුනේ නැහැ" ඔහු කියා සිටියේය.
ජනාධිපතිවරයා ලෙස තමන් කරන දෙයකට මුක්තිය හිමි වුවද ඇමතිවරයකු ලෙස තමන්ට මුක්තිය හිමි නොවන්නා සේ තනතුරු දෙක වෙනමම තෝරාගත යුතු බව ඔහු පවසයි.
"දැන් මගේ ජනාධිපතිකම ඉවරයි නෙ ගෙදර ගියාම. එතකොට මම නිකම්ම නිකං ගෘහමූලිකය වෙනව නෙ හිටං. ඒ වුනාට ගෙදර කෑම බීම ආදිය ඔක්කොම බලන්නෙ නෝනා. එයා තමා උදේට මට කෑම එකක් හදල දෙන්නෙත්. එව්ව ඔතන්න කෙසෙල් කොළ හොයන එක තමා මම කරන ලොකු ම දේ. ඉතින් බඩු මිල ගණන් ගියාම එයා මට බනින්නෙ නෑ. හැබැයි ඉස්සර ජනාධිපතිවරුන්ට එයා බැන්නා. දැන් බනින්නෙ නෑ. මොකෝ එයාට මම ජනාධිපති නෙවෙයි, ගෙදර මනුස්සයා නිසා"
තව දුරටත් අදහස් දැක්වූ ඒ මහතා කියා සිටියේ තමා ගෙදරින් පිටදී ජනාධිපති ද, ගෙදරදී ගෘහමූලිකයා ද ආරක්ෂක අමාත්‍යාංශයේ කටයුතුවලදී ආරක්ෂක ඇමති ද වන අතර සමහර පරණ නායකයින් මෙන් ඒ ඒ වැඩ පටලාගෙන නාගන්නේ නැති බවයි.
No comments:
Post a Comment