ජර්මන් චාන්සලර් ඇන්ගෙලා මර්කල් තම ක්‍රිස්තියානි ප්‍රජාතාන්ත්‍රික එකමුතුවේ නායකත්වයෙන් ඉල්ලා අස්වන බව ඔක්තෝබර් 29 වනදා ප්‍රකාශ කළා ය. මෙම නිවේදනය දේශපාලන ලෝකය කැළඹීමට සමත් වූ අතර ඒ පිළිබඳ විවිධ අර්ථකථන පළ වූයේ ය.
නමුත් මෙහි සත්‍ය සිද්ධිය කුමක්ද යන්න මේ වනවිට හෙලි කිරීමට අපට හැකියාව ඇත.
2015 දෙසැම්බරයේදී ලෝ පතල ගායක එන්රික් ඉග්ලේසියාස් ලංකාවට පැමිණ ප්‍රසංගයක් පැවැත්වීය. එහිදී යම් කිසිවකු (තරුණියක යයි සිතමු) වේදිකාවට තනපටක් විසි කිරීම රාජ්‍ය තාන්ත්‍රික මට්ටමට පවා ඇදී ගිය ප්‍රශ්නයක් බවට පත් වූයේ ය. ශ්‍රී ලංකාවේ ජනාධිපති සිරිසේනයන් මේ පිළිබඳ උරණ වී මෙවන් ප්‍රසංග සංවිධානය කරන්නන්ට මඩු වලිගවලින් තැලිය යුතු බව සිංහනාද කලේ ය.
ඉන් මාස දෙකක ඇවෑමෙන් 2016 පෙබරවාරියේදී ජනාධිපතිවරයා ජර්මනියේ සංචාරයක යෙදුණි. එහිදී එරට චාන්සලර් ඇන්ගෙලා මර්කල් ඔහුට හමුවිය. නමුත් ඉන් දින කිහිපයකට පසු ඔහු දැනගත් දෙයකින් සිරිසේනයෝ මහත් සේ කලබලයට පත් වූහ.
මෙය එක්තරා ඡායාරූපයක් පිළිබඳ කතාවක් විය. ඒ අනුව මර්කල් එකල නැගෙනහිර ජර්මනියේ නිරුවත් වෙරළක සිටියදී ගත් බව කියන ඡායාරූපයක් කලක් තිස්සේ සංසරණය වෙමින් පැවතී ඇත. (පහලින් දිස්වන ඡායාරූපයේ වම් පසින් සිටින්නේ ඇන්ගෙලා බව කියනු ලැබේ)
මේ පිළිබඳ කණ වැකුණු සිරිසේන මහතා මඩු වලිගයක් ද රැගෙන වහ වහා ජර්මනිය බලා පිටත් වීමට සූදානම් වුවද, එය රාජ්‍ය තාන්ත්‍රික නොවන බවට ඔහු වෙත උපදෙස් ලබා දෙන ලදී.
පසුව වහ වහා පොළොන්නරු ගිය ඔහු ඇන්ගෙලා මර්කල්ට හොඳක්ම නොවේවා යන ප්‍රාර්ථනයෙන් මින්නේරි දෙවියන් ඉදිරියේ පඬුරක් ගැසුවේ ය.
එදා පටන් ඇන් ගෙලා මර්කල්ට අපල ය. ඇගේ පක්ෂය බලය අල්ලාගෙන සිටියේ යාන්තමිනි. ඊට විවිධ හේතු සඳහන් වුවද කිසිවකුත් සිරිසේනයන් විසින් කළ බාරය ගැන නොදත් හ.
කෙසේ නමුත් දෙවියන්ට තුටු පඬුරු මදි වීමෙන් මර්කල් නෝනාට අවසන් පහර එල්ල වූයේ නැත. එය සම්පූර්ණ වූයේ 2018 ඔක්තෝබර් 26 වනදා ය. එදින සිරිසේනයෝ තමාගේ වළ තමා විසින් ම කපාගත් හ.
දින තුනකට පසු මර්කල් නෝනා තමන් පක්ෂ නායකත්වය අත් හරින බව ප්‍රකාශ කළා ය.