ශ්‍රී ලංකාවේ එක්තරා දේශපාලන පක්ෂයක පිරිසක් මේ දිනවල ටයිම් මැෂින් එකක් සෑදීමේ විශාල උත්සාහයක යෙදෙමින් සිටින බව රත්නදීප Chronicle වෙත වාර්තා වේ.
මීට හේතු වී ඇත්තේ ඔවුනගේ දැඩි ඉන්දියානු විරෝධය බව සඳහන් වේ.
විශ්වාස කටයුතු ආරංචි මාර්ග අනුව කිසිදු ඉන්දියානුවකු සම්බන්ධ නොවන පර්යේෂණ කණ්ඩායමක් විසින් නිපදවූ ටයිම් මැෂින් එකක් අනිවාර්ය වන බව ඔවුන් පවසා තිබේ.
ඔවුනගේ ඒකායන බලාපොරොත්තුව අශෝක අධිරාජයාට එරෙහිව කලු කොඩි එසවීම බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.
වාර්තා වන අන්දමට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ ලංකා ගමන සිදුවන අවස්ථාවේ ඔවුන් පෙරහුරුවක් පවත්වන්නට යන බව සඳහන් ය. වෙසක් දිනය සැමරීමට වුවද මෝදි පැමිණෙන්නේ ඉන්දියාවෙන් බැවින් මෙම විරෝධතාව මතු වී ඇත.
මෝදි එට්කා හරහා ලංකාව යට කරන්නට යන බව ඔවුනගේ අදහසයි.
මේ ආකාරයෙන්ම අසෝක අධිරාජයා ද බුද්ධාගම හරහා ලංකාව යට කළ හෙයින්, මිහිඳු රහතන්වහන්සේ මිහින්තලයට වැඩම කරද්දී කලු කොඩි එසවීමේ අදහස ඇතිව මෝදි පැමිණෙද්දී කලු කොඩි ඔසවන්නට මෙම පිරිස බලාපොරොත්තු වේ.
මෝදිට එරෙහිව කරන කලු කොඩි එසවීමෙන් පන්නරය ලද පසු ටයිම් මැෂින් එකකින් අනාගතයට ගොස් අසෝකට එරෙහිව කොඩි එසවීමට මෙම පිරිස සැලසුම් කරගෙන සිටිති.
රත්නදීපයේ දිනපතා පුවත් පොට්ටනිය - වැඩිය සීරියස් ගන්ඩ එපා ඈ! තනිකරම ප්‍රබන්ධ කතා පමණි
Sunday, May 7, 2017
Saturday, January 21, 2017
ලංකාවේ සිනමාව ඉතාම උසස් තැනක තියෙනවා - විශේෂ සම්මුඛ සාකච්ඡාව
සිංහල සිනමාවට වසර 70 ක් පිරෙන අවස්ථාවේ ආපසු හැරී බලන විට සිංහල සිනමාව තිබෙන තැන ගැන පැහැදිලි ලෙසම සතුටු විය යුතු බව ප්‍රවීණ සිනාමා විචාරක මහතකු රත්නදීප Chronicle සමඟ සඳහන් කළේය.
කෙසේ නමුත් සිය නම හෙළි නොකරන ලෙස ඔහු ඉල්ලා සිටි අතර, පත්තර සහ ටීවී චැනල් සමඟ ඔහු මීට වඩා හාත්පසින් වෙනස් දෙයක් කී බව ද හෙළි කළේය.
ඒවායේ වාර්තාකරුවන් ඔහුගෙන් මේ පිළිබඳ ඇසූ කළ සිංහල සිනමාව කඩා වැටී ඇති බැව් ප්‍රකාශ කළ බව ඔහු කියා සිටියේය.
විචාරකයන් තුළින් ඊට වඩා දෙයක් බලාපොරොත්තු නොවන බව ඔහු ඒ සමඟම කියා සිටියේය.
"ඔය ඇත්ත කතාව කීවොත් මල්ලි, පත්තර මල්ලිලා ආයෙ අපි හොයාගෙන එන්නෙත් නෑ" ඔහු කියා සිටියේය.
සිංහල සිනමාව අද පත්ව ඇති ස්ථානය ඉතා යහපත් වන බව ඔහුගේ මතයයි.
සිංහල සිනමාව විවිධ යුග පසු කළ බව ඔහු පෙන්වා දුන්නේය. මුලින් "කොපි කැට්" සිනමාව කොහෙන් හෝ එන කතාවක් කොපි කිරීම මත පදනම් වූ බවත් ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගෙන් පසු ස්වයීය නිර්මාණ සොයා යන නියම සිංහල සිනමාවක් බිහි වූ බවත් ඔහු පෙන්වා දෙයි.
කෙසේ නමුත් විවෘත ආර්ථිකය පැමිණීමෙන් පසු යළි සිනමාවේ පරිවර්තනයක් ලෙස එම කලාව කඩා වැටුණ අතර ඉන්පසු "ඇගේ වෛරය" මොඩල් එකට සිනමා කලාව ළඟා වූ බව ඔහු පෙන්වා දුන්නේය.
"දැන් මෙහෙමයි. ඔය ටයිප් එකේ සිනමා නිර්මාණ ඇමරිකාවෙ හැදුණෙ 1960 - 70 ගණන්වල. ඉතින් අවුරුදු 30 කින් ලංකාවට ඒක ආවා. ඒකත් නරකම නැහැ" ඔහු කියා සිටියේය.
පසු කාලීනව පොඩි උන් විකිණීමේ සිනමාව පැමිණි බවත් එය කොහෙන් ආවාදැයි සිතාගත නොහැකි බවත් ඔහු කියයි.
"ඇමරිකාවේ පොඩි උන් විකිණීමේ සිනමාව ආවෙ "හෝම් අලෝන්" වගේ එව්වයෙන්. ලංකාවෙ පොඩි උන් විකිණීමේ සිනමාවල් දැක්කට පස්සෙ ළමයෙක් විහිලුවකටවත් ගෙදර තනියෙන් තියල යන්න බයයි. කලාකාරයොත් මෙච්චර අසහනකාරයෝ නම් ඉතින් අනික් උන් ගැන කවර කතා ද? ඔහු කියයි.
මේ කාළයේ බිහිවූ අනෙක් සිනමා "සම්මාන සිනමා" බවත් ලංකාවේ ආදායම් ලැබුවත් නැතත් ජාත්‍යන්තර සම්මාන බලාගෙන තැනුණ ඒවා බවත් ඔහු කියයි.
ඔහුගේ අදහස නම් ළමයින් විකුණාගෙන සිනමාව කරන කාලකණ්ණි සමයක සිට රජුන් විකුණාගෙන කන සමයකට පැමිණීම සාධනීය කරුණක් බවයි.
"අනික සිංහල සිනමාව ගැන කතා කරද්දි අපි බලන්න ඕන රසිකයා පැත්තෙන්. මිනිස්සු තවමත් රසඥතාවයෙන් ඉහළයි. ඒකනෙ සිංහල චිත්‍රපටි බලන්න මොකෙක්වත් යන්නෙ නැතත් අලුත්ම ඉංග්‍රීසි චිත්‍රපටි හොලිවුඩ්වල රිලීස් වෙද්දි මෙහෙ ඩවුන්ලෝඩ් කරගෙන බලන්නෙ. තරුණ පරපුරේ රසඥතාව හොඳයි" ඔහු තර්ක කරයි.

Tuesday, January 3, 2017
සීමා නීර්ණ ගිනස් වාර්තාව ලංකාවෙන්
ශ්‍රී ලංකාවේ සීමා නීර්ණ ක්‍රියාවලිය ගිනස් පොතට ඇතුලත් කිරීම සඳහා කටයුතු සම්පාදනය කරමින් සිටින බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග රත්නදීප Chronicle වෙත පැවසීය.
අදාළ ඇමතිවරයා විසින් එම අභියාචන වාර්තාව පිළි නොගැනීමට හේතු වූයේ ද එසේ ගිනස් වාර්තාව පිළිබඳ බලාපොරොත්තු පළ වී තිබීම නිසා බව ද සඳහන් ය.
මේ අනුව සීමා නීර්ණ කටයුත්තක් සඳහා වැඩිම කාළයක් ගිය රට ලෙස වාර්තා තැබීමට ශ්‍රී ලංකාව සූදානම් ය.
මෙවන් වාර්තාවක් ගිනස් පොතේ නැති නමුත් එය ගිනස් පොතට ඇතුලු කරන ලෙස ගිනස් කමිටුවෙන් ඉල්ලීමට යහපාලන රජය සූදානම් වේ.
මේ පිළිබඳ අගමැතිවරයා විශේෂ අවධානයක් නොදක්වන්නේ වුවද ජනාධිපතිවරයා ඒ පිළිබඳව අති විශේෂ අවධානය යොමු කර ඇතැයි ද වාර්තා වේ.
යහපාලන රජය විවිධ නව වචන සිංහල වාග් මාලාවට එක් කළ බව මතක් කළ රජයේ ප්‍රකාශකයෙක්, අලුතින්ම ගිනස් වාර්තාවක් නිර්මාණය කිරීම ලොකු අපහසුතාවකින් යුතු නොවන කටයුත්තක් බව ප්‍රකාශ කළේය.
මේ අතර ලෝකයේ වැඩිම මිලෙන් යුතු සාමාන්‍ය සිගරට්, ලොව වැඩිම මිලෙන් යුතු සාමාන්‍ය අරක්කු, ලොව වැඩිම මිලෙන් යුතු කෑම පැකට් යනාදිය ඇති රට වශයෙන් ද විවිධ ගිනස් වාර්තා රැසක් තැබීමට යහපාලන රජය සූදානමින් සිටින බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග රත්නදීප Chronicle වෙත සඳහන් කළේය.

Subscribe to:
Posts (Atom)